You are here:--මයික්‍රෝසොෆ්ට් සමාගම Windows 1.0 නැවතත් පණ දෙයිද?

මයික්‍රෝසොෆ්ට් සමාගම Windows 1.0 නැවතත් පණ දෙයිද?

මයික්‍රෝසොෆ්ට් සමාගම සිය Instagram ගිණුමේ පෝස්ට් කරපු විඩියෝ පටයක් නිසා සමාජ මාධ්‍ය ටිකක් කැළඹීකට ලක් වෙලා තියෙනවා වීඩියෝ එකේ මාතෘකාව වෙලා තියෙන්නේ “Introducing the all-new Windows 1.0 (අලුත්ම Windows 1.0 හඳුන්වාදීම ) මේ විඩියෝ එකේ මෙච්චරකල් Windows භාවිතා කරපු ලෝගෝ ටික පහු කරගෙන ගිහින් Windows 1.0 ලෝගෝ එකෙන් නතර වෙන තැනට තමයි වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ , Windows 1.0 ප්‍රථම වරට නිකුත් වුණේ 1985 නොවැම්බර් මාසේ.

 

මේ විඩියෝ පටයම මයික්‍රෝසොෆ්ට් සමාගම සිය twitter account එකෙත් පෝස්ට් කරලා තිබ්බත් යූසර්ස්ලා අහපු ප්‍රශ්න වලට පිළිතුරු නොදී “stay tuned” වගේ දේවල් කියලා ලිස්සලා යන්න මයික්‍රෝසොෆ්ට් සමාගම කටයතු කරලා තියෙනවා.

එළි වෙන ජාමෙට කියනවානෙ හොඳ හොඳ සෙල්ලම් , අපිත් බලන් ඉමුකෝ මොකෝ ඉස්සරහට වෙන්නේ කියලා.

By |2019-07-03T16:09:07+05:30July 3rd, 2019|Categories: Microsoft|Tags: , , |0 Comments

Leave A Comment