You are here:-, Html5, Knowledge-එච්.ටී.එම්.ඈල් සින්හල පරිවර්තනය ගැන….

එච්.ටී.එම්.ඈල් සින්හල පරිවර්තනය ගැන….

ඔයත් Web Designer කෙනෙක්, IT ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් නම්, එහෙමත් නැත්තම් O/L හෝ A/L සඳහා ICT විෂය හදාරන කෙනෙක් නම් මේ HTML එහෙමත් නැත්තම් HTML5 භාෂාව ගැන නොදන්නවා වෙන්න බෑ. මේ web designing ගැන මතක් කරද්දි හුගක් අයට මතක ඇති ඔයාලා මුලින්ම හදපු web page එක.

<!DOCTYPE html>
<html>
<head>

<title>My First Web Page</title>
</head>
<body>

<h1>This is My First Web Page !</h1>
</body>
</html>

මෙන්න මේ වගේ චූටි තැනකින් පටන් අරන් සමහරවිට ඔයා ගොඩක් දුර ආපු කෙනෙක් වෙන්නත් පුලුවන්.ඉතිං දවසින් දවස update වෙන මේ html5 කියන භාෂාව ලෝකෙම පිලිගත්තු International Language එකක් වන English භාෂාවෙන් තමයි ඉස්සරහට යන්නේ. ඒත් මේ html5 භාෂාව දැන් සිංහලෙනුත් තියෙනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද ?

 

අලුත් විදියට හිතෙන කෙනෙක්ගේ අතින් නිර්මාණය වෙන මෙය නම් කරලා තියෙන්නෙ එච්.ටී.එම්.ඈල් සින්හල පරිවර්තනය නමින්. 99X Technology (Pvt) Ltd ආයතනයේ වැඩ කරන Supun Dissanayake අතින් තමයි මේ අලුත් වැඩේ ඉදිරිපත් කරන්නෙ.

 

මේක මට random ආපු අදහසක්.මේ සිංහලට Html එක පටන් ගන්න කලින් මම එක්ස්ප්‍රස් ජේ. ඈස් සින්හල පරිවර්තන වැඩසටහනක් කලා.පස්සේ මේ html භාෂාවත් සිංහලට පරිවර්තනය කරන්න පුලුවන් කියල හිතුන නිසා උත්සාහයක් දැරුවා.මේ වැඩේ කරන්න නම් මට Webpack loader එකක් ලියන්න වෙනවා.ඉතිං ඒකෙන් සිංහල tags, browser එකේ පෙන්නන්න පුලුවන් විදිහට translate කරලා දෙන්න පුලුවන් උනා. ඇත්තටම මේක Fun Project එකක් 🙂

 

මේ එච්.ටී.එම්.ඈල් සින්හල පරිවර්තනය ධාවනය වෙන්නේ Webpack Loader එකක් හරහා. සරලවම කියනවනම් ඒකෙන් වෙන්නේ අපි සිංහලෙන් ලබා දෙන tags html භාෂාව තුල තියෙන tags වලට හරවලා Web Browser එකේ මේ වෙබ් පිටුව දර්ශනය කරගන්න පුලුවන් ආකාරයට සකස් කරලා දෙන එක.

 

 

තවමත් POC Level එකේ තියෙන Project එකක් නිසා Html5 භාෂාවේ තියෙන සෑම tag එකක්ම මෙහි වැඩ කරන්නේ නෑ.ඒත් මෙහි තියෙන mappings.json ෆයිල් එක හරහා ඔයාටත් මේ html5 භාෂාවේ tags සිංහල බසට හරවන්න පුලුවන්.

අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා

මුලින්ම ඔයාට cmd එකේ මේ පහල commands run කරන්න වෙනවා.

git clone https://github.com/supuncodes/sinhala-html-translation

npm install

npm install -g

npm start

පස්සේ ඔයාගේ browser එකෙන් localhost:8080 කියලා වෙබ් පිටුව දර්ශනය වෙන්න පටන් ගන්නවා. මේ src folder එක ඇතුලේ තියෙන index.html ෆයිල් එකේ සිදු කරන වෙනස් වීම් මෙම බ්‍රවුසර එකේ ඔබට දැකගන්න පුලුවන්.

 

 

MIT License යටතේ මෙම ව්‍යාපෘතිය Open Source Project එකක් විදිහට මෙය ඉදිරිපත් කරන නිසා ඕනෑම කෙනෙක්ට මේහි develop කිරීම් කරන්න පුලුවන්. කෙසේ නමුත් Html5 වැනී භාෂාවක් සිංහල බසට හැරවීමට ගත් උත්සාහයම සියලු ශ්‍රී ලාංකිකයින් අගය කල යුතු වනවා.

මෙම එච්.ටී.එම්.ඈල් සින්හල පරිවර්තනය භාවිතා කරන්න නම් ඔබට මෙම Github පිටුව භාවිතා කල හැකියි.

මේ project එක ඉස්සරහට අරගෙන යන්න සහය දෙන්න හෝ මේ සඳහා යොදාගත් තාක්ෂණය ගැන තොරතුරු දැනගන්න [email protected] යන ඊමේල් ලිපිනයට පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තියෙනවා.

 

මෙවැනි තවත් අලුත් නිර්මාණ බිහි කරන්නට ලාංකිකයින් හට තව තවත් ශක්තිය ලැබේවා යන්න e-අපි කණ්ඩායමේ පැතුමයි !

By |2019-10-24T13:11:12+05:30October 24th, 2019|Categories: Html, Html5, Knowledge|Tags: , , , , |0 Comments

Leave A Comment