Loading...
About Us2019-05-15T22:42:56+05:30

ශ්‍රී ලංකාව නමින් පුංචි රටක ඉපදුන සිංහල භාෂාව කතා කරන අපිට ලෝකේ ජයගන්න බැයිද ? නෑ අපි හැමෝටම ඒක පුලුවනි. අද ලෝකේ ගොඩක් ලොකු තැන් ලංකාවේ අපේ බුද්ධිමතුන් අතින් පාලනය වෙනවා කියලා ඔයා නොදන්නවත් ඇති. ඒත් ලංකාවෙන් බිල් ගේට්ස්ලා වගේ උදවිය බිහිවෙන තත්ත්වය හුගක් අඩු වෙලා තියෙන්නේ මේ භාෂාව ප්‍රශ්නයක් කරගෙන තියන එකයි. ඒත් ඒ තත්වය ගැටලුවක් කරගන්නේ නැතුව අපේ ලංකාවේ මේ සියල්ල ගවේෂණය කරන තරුණ කොල්ලෝ විතරක් නෙමෙයි තරුණ කෙල්ලන්ටත් තාක්ෂණික දැනුමින් සන්නද්ධ වෙන්න එහෙමත් නැත්තම් Update වෙන්න කරන පුංචි අත් උදව්වක් වුණත් ලොකු හයියක් වෙයි කියලයි අපි හිතන්නේ.

e – අපි කියන්නේ මහ ලොකු ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැනියක් නම් නෙමේ. කොටින්ම කියනවනම් මුලින්ම පටන්ගත්තු බ්ලොග් සයිට් එක උපන්නේ ඩොන්ගල් එහෙකින් ලැබුණු අන්තර්ජාල පහසුකම් නිසා.මෙහෙම ටිකෙන් ටිකේ ඉස්සරහට යද්දි විටෙක WordPress ආයතනයෙන් ලබාදෙන platform එකට මාරු වෙලා මේ නමින්ම වෙබ් අඩවිය හැදුවේ හිතේ තියන විදිහට මේ වැඩේ කරගන්න පුලුවන් වෙයි කියලා හිතාගෙනයි.ඒත් ඒ වැඩෙත් හිතට ඇල්ලුවේ නැති නිසාම ආයෙත් පරන බ්ලොග් අඩවියම කරගෙන යනවා කියලා හිතාගෙන මෙතෙක් කල් search engine වලටත් හොරා චුට්ට චුට්ට තාක්ෂණික පුවත් සිංහලෙන් පල කරගෙන ආවා. ඒත් කොහෙදෝ දැකපු වීඩියෝ එකක් නිසා කොයි කවුරුත් දන්න Tech News සිංහලෙන් වෙබ් අඩවියට ගිහින් එහා මෙහා කැරකෙද්දි ඇඩ්මින්තුමාව හම්බෙන්නේ මෙතෙක් ආපු ගමන උඩු යටිකුරු කරමිනුයි. Tech News සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින් එහෙමත් නැත්තම් කසුන් අයියාට විස්තර කියලා එයාගෙම Hosting Service එහෙක Free Domain එකක් අරන් වෙබ් අඩවියක මේ Behind Scence එකේ බරපතලකම ගැන අවබෝධයක් ගත්තා. ඔහොම ඔහොම එහාට මෙහාට කැරකි කැරකි ඉද්දි “මචං අපි උබේ සයිට් එකට හොඳ domain එකක් අරන් hosting එහෙකට දාල උස්සලා ගමු ” කියලා මේ දේවල් සැලසුම් කරගන්න තැන ඉඳන් මේක publish කරනකම්ම උදව් කලේ Tech News සිංහලෙන් වෙබ් අඩවියේ අසේල. අසේලගෙන් දැනගත්තු Wow Hosting Service එකේ අයියා එහෙමත් නැත්තම් නිශාන්ත අයියගේ advice අරගෙන , එයාටත් කරදර කර කර මේ වෙනකන් දුන්නු උදව් වලට අනේක වාරයක් ස්තූතියි ! තාමත් ඕනෑම ප්‍රශ්නයක්දි දුවගෙන ගිහින් මැසේජ් දාන්නේ කසුන් අයියටයි , නිශාන්ත අයියටයි තමා.දෙන්නගෙන් කවුරුම හරි ඕක විසදලා දෙනවා කියලා දන්නවා 😊

ඒ වගේම සමහර දේවල්වලට වැඩ අස්සෙත් පුලුවන් විදිහට උදව් කරන Mr Terabyte අයියවත් මතක් කරන්න ඕනී. අමතක නොකරම බැරි මිනිස්සු අතරේ ඔයාලා වගේම වෙබ් අඩවියේ තොරතුරු බලන්න ඇවිත් , අපේ වෙබ් අඩවියට පුංචි article එකක් ලියලා දීලා පටන් ගෙන මහන්සියෙන් මෙන්ම ස්වේච්ඡාවෙන් අපිට සහයෝගය දෙන අපේ Team එකටත් ගොඩක් ස්තූතියි ! e – අපි team එකට join වෙන්නෙ කොහොමද කියලා බලන්න මේ පිටුවෙන් දැනගන්න පුලුවන්. අගසව් දෙනම වගේ ඉදන් හැමතිස්සෙම වැරදුනත් හොඳයි කියන මා මිත්‍ර සචින්තටත් චාරුකටත් ස්තූතියි !

ඉතිං මේ වගේ ගමනක් එන්න හදවතින්ම උදව් කරපු අය අතරෙ Logo එක මෙහෙම හදමු මෙහම කරමු කියලා අදහස් දීලා අපේ ගමනට උදව් කරපු Ravidu Dilshan මල්ලිටත් වගේම Telegram සමාජ ජාලයේ එහා මෙහා සැරිසරද්දි active සහ supportable එකම සමූහය තමයි ලින්ක්ස්.lk කියන්නේ. මේ සමූහයත් කරගෙන යන ගමන් අපිටත් උදව් කරන Eshan Ravishan අයියටත් තුති !

මෙම සේවාව නොමිලේ ලබා දෙන සේවාවක් නිසා Copyright දෙන්නවත් Content Protect කරන්නවත් බලාපොරොත්තුවක් නම් නෑ.ඉතිං ඔයාට ඕන කෙනෙක් අතර මේ තොරතුරු හුවමාරු කරගන්න පුලුවන්.ඒත් මේ දේවල් මහන්සියෙන් ඔයාලා ගාවට ගෙනාපු ඒ කතුවරයාට කතෘ අයිතිය එහෙමත් නැත්තම් credit ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා !

මුල්ම වෙබ් අඩවියේ ඉදන් අද වෙනකන් ආපු ගමනේදි යම් කිසි ලිපියක යම් කිසි වැරද්දක් තිබුනානම් හෝ වෙන්න තියෙනවානම් ඒ දේවල්වලට සමාව ඉල්ලන අතරතුරදි ඒ වැරද්ද නිවැරදි කරන්න , එහි අඩුපාඩු හරි ආකාරයෙන් සකස් කරන්න අපිව දැනුවත් කරන්න කියලත් ඉල්ලිමක් කරනවා.

ඉතිං එදා මෙදා තුර කී නොකී දස දහසක් කතා අතර අපේ පිටුවට යන එන ඔයාලටත්, උදව් කරන වගේම අන්තර්ජාලයට පිවිසෙන්න Network Connection දෙන ආයතන පවා නොතිබෙන්න අපි තවමත් ගමේ වෙලේ දුව පැනලා සෙල්ලම් කරන අර පොඩි පැටවු. ඉතිං ආඩම්බරයෙන් ලෝකේ එක්ක හැප්පෙන්න පුලුවන් , ලොකේ හොඳ තැන්වලට යන්න පුලුවන් මිනිසෙකු බිහි කරන්නට , ලෝකේ කොහේ හිටියත් ” මම ශ්‍රී ලංකාවේ ” කියලා කියන්න පුලුවන් රටට ආඩම්බරයක් ගේන්න පුලුවන් මිනිසෙක්ට උදව් කරන්නට මේ පුංචි වෙබ් අඩවියේ එකදු හෝ අකුරක් ඔබේ අනාගතය වෙනුවෙන් හේතු වේවා යන්න අපේ පැතුමයි !

මේ හැමදේම ගැන ඔයාගේ අදහස්, යෝජනා මෙන්ම චෝදනාවන්ද [email protected] යන email ලිපිනය හෝ අපගේ Facebook පිටුව ඔස්සේ අප වෙත යොමු කරන්න.