You are here:--Spam Calls මඩින්න ඇපල් කරන්න යන දේ

Spam Calls මඩින්න ඇපල් කරන්න යන දේ

ඔයාලා දන්නවනේ Spam calls කියන්නේ මොන තරම් වදයක්ද කියලා ඉතින් මේ කරදරකාරී Spam calls නවත්තන්න Inbuilt option එකක් අරගෙනම තමයි අලුතෙන් එන iOS 13 එන්නේ

මොකක්ද මේකේ විශේෂත්වය?

Spam calls නවත්තන්න ඕනි තරම් Third party APPS ඇප්ස් ස්ටෝර් එකේ තියෙනව හැබැයි මේ ඇප්ස් එකකටවත් Spam call එකක් එන්න කලින් ඒක සම්පූර්ණයෙන් නවත්තන්න බෑ අඩුම තරමේ එක පාරක් හරි ඔයාගේ ෆෝන් එක රින්ග් වෙනවා එහෙමත් නැත්තන් ඩිස්ප්ලේ එකේ පෙන්නනවා ඒකට විසඳුමක් විදිහට තමයි ඇපල් එකෙන් මේ ඔප්ශන් එක හඳුන්වා දෙන්නෙ මේ Option එක ඔයාගේ ෆෝන් එකේ එනබල් කරහම කෝල් කරන නම්බර් එක ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකේ , මේල් බොක්ස් එකේ හෝ අඩුම තරමේ මැසේජ් බොක්ස් එකේවත් නැතිනම් කෝල් එක ෆෝන් එකට එන්න කලින්ම බ්ලොක් කරනවා ඉතින් මෙහෙම බ්ලොක් කරන කෝල්ස් කෙලින්ම voicemail එකට තමයි යන්නේ Third party APPS වල වගේ ෆෝන් එකෙන් පොඩි සද්දයක් පිට වෙන්නෙවත් , ස්ක්‍රීන් එකේ පෙන්නන්නෙවත් නෑ

ඇපල් සමාගම කියන විදියට Siri යොදාගෙන වුණත් ඔයාලට මේක කැමති විදිහට සෙටප් කරගන්න පුළුවන් විදිහට හදලා තමයිලු එයාලා මේක එවන්නේ කොහොම වුණත් ඉතින් මේ පහසුකම අත්විඳින්න නම් iOS 13 නිකුත් වෙනකල් ඉන්න වෙනවා .

By |2019-06-05T08:35:25+05:30June 5th, 2019|Categories: Apple|Tags: , |0 Comments

Leave A Comment