You are here:-, Google-ගූගල් ආයතනය මගින් ඇමරිකාවේ බැල්ටිමෝර් නගරයේ ගූගල් ගිනුම් තහනම් කරයි.

ගූගල් ආයතනය මගින් ඇමරිකාවේ බැල්ටිමෝර් නගරයේ ගූගල් ගිනුම් තහනම් කරයි.

පසුගිය මැයි මස 7 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ නගරයක් වන බැල්ටිමෝර් නගරයේ රාජ්‍ය තොරතුරු පද්ධති වලට Ransomware ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය නිසා එම නගරයේ රජය ඔවුන්ගේ පද්ධති වලින් Lock out වී ඇත.

කප්පම් කරුවන් විසින් එම පද්ධති නැවත නිදහස් කිරීම සඳහා Bitcoin මගින් ගෙවීම් කරන ලෙස දන්වා ඇත. සති ගනනාවකට පසුවත් තවමත් එම නගරය එම ප්‍රහාරයෙන් ඇතිවූ අපහසුතා වලින් පීඩා විදිමින් සිටින බව පැවසේ. එම ප්‍රහාරය නිසා නගරයේ බිල්පත් ගෙවීමේ පද්ධති පවා අඩාල වී ඇත.

මෙම ප්‍රහාරය එල්ල වූ අවස්තාවේ එම නගරයේ රාජ්‍ය වෙබ් අඩවි යටතේ පවතින ඊමෙල් ගිනුම් වලට පිවිසීමද අවහිර වූ බැවින් නාගරික බලධාරීන් විසින් ඒ වෙනුවට ලොව ජනප්‍රියම නොමිලේ සේවා සපයන Google සමාගමේ Gmail ගිනුම් පිහිටුවාගෙන ඇත. නමුත් එම බලධාරීන්ට දක්නට ලබුනේ තමන් විසින් හදිසි අවස්තාවේ සාදාගත් Gmail ගිනුමට තවදුරටත් පිවිසීමට නොහැකි බවයි.

එම නගරයෙ The Sun පුවත් සේවාව නගරාධිපති කාර්‍යාලය උපුටා දක්වමින් පැවසුවේ Google අයතනය විසින් එම Gmail ගිනුම් පවත්වාගැනීම සඳහා ගෙවීමක් ඉල්ලා සිටි බවයි. එනම්, Google ආයතනය නොමිලේ සේවා ලබා දෙන්නේ තනි තනි පුද්ගලයන්ට පමනක් බවත් ආයතන සහ ව්‍යාපාරික ආයතන විසින් Google සේවා භාවිතා කරනවා නම් එ සඳහා සේවා ගාස්තු අය කරන බවකි.

නමුත් මේ පිලිබඳ විමසීමකදී Google සමාගමේ ප්‍රකාශකයෙකු පැවසූවේ ඔවුන්ගේ ආරක්ශක පද්ධතීන් විසින් එකම ජාලයක් තුල කෙටි කාලයකදී ගිනුම් රාශියක් සෑදීම spam ගිනුම් ලෙස වටහා ගැනීම නිසා මෙම තත්වය හට ගෙන ඇති බවයි. එම අවස්තාවේ Google ආරක්ශක පද්ධතිය මගින් එම ගිනුම් ක්‍රියා විරහිත කල බවයි. එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසූවේ එම ගිනුම් නැවත ක්‍රියාත්මක කර ඇති බවයි.

By |2019-05-25T13:23:14+05:30May 25th, 2019|Categories: Cyber Attack, Google|Tags: , , , , , |0 Comments

Leave A Comment