You are here:-, News-ශ්‍රී ලාංකික වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලාංකික වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්

Tech CERT ආයතනය ඊයේ දිනයේදී පැවසූ ආකාරයටම ශ්‍රී ලංකාවේ රජයට අනුබද්ධ සහ පෞද්ගලික වෙබ් අඩවි 13 ක් සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත.

කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලය, තලවකැලේ පිහිටි තේ පර්යේෂණ ආයතනය, මිහින්තලේ පිහිටි රජරට විශ්වවිද්‍යාලය සහ පෞද්ගලික ආයතන 10කට අයත් වෙබ් අඩවිවලට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.පහතින් ඇත්තේ එම වෙබ් අඩවි 13 යි.

Tech CERT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිලීප ලත්සර මහතා සඳහන් කළේ, මේ වනවිට සියලුම වෙබ් අඩවි යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

පහසුවෙන් ප්‍රහාරයට ලක් කළ හැකි මෙන්ම සයිබර් ආරක්ෂාව අවම වෙබ් අඩවි ඔවුන් ඉලක්ක කරගෙන මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව ඔවුන් ප්‍රකාශ කරනවා.මෙය දේශපාලන හා සම්බන්ධ සයිබර් ප්‍රහාරයක් බවටත් Tech CERT ආයතනය පවසා සිටියා.

ටෙක්සර්ට් ආයතනය දැනුම් දෙන්නේ සියලුම වෙබ් අඩවිවලට තම ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

මෙයට අමතරව ඔබගේ වෙබ් අඩවිත් WordPress හා Joomla භාවිතා කරන්නේ නම් plugin වැනි දෑ අප්ඩේට් කරගනිමින් තබාගන්නා ලෙස තවදුරටත් ඔවුන් සඳහන් කරනවා.

By |2019-05-19T19:42:04+05:30May 19th, 2019|Categories: Cyber Attack, News|Tags: , , |0 Comments

Leave A Comment