You are here:-, News, Technology-Facebook ලංකාවෙන් සදහටම තහනම් වේවි ද?

Facebook ලංකාවෙන් සදහටම තහනම් වේවි ද?

ශ්‍රී ලංකාවේ මෑතකදී ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා රජය විසින් Facebook, YouTube, Snap chat, Instagram ඇතුලු තවත් සමාජ ජාල වෙබ් අඩවි කිහිපයකට පිවිසීම තහනම් කරන ලදී.

මෙවන් තත්වයක් හමුවේ ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියෙහි Facebook ආයතනය විසින් ශ්‍රීලංකාව ට එම සේවාව ලබා නොදීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා කර තිබුනා.

මෙම තොරතුර පිලිබඳ තවමත් වෙනත් කිසිදු මාධ්‍ය වාර්තාවක් පලවී නොමැති අතර, Facebook ආයතනය විසින් එය තහවුරු කිරීමක් ද කර නොමැත.

නමුත් එවැනි තත්වයක් උදා වුවහොත් කුමක් සිදු විය හැකි ද යන්න විමසා බලමු,

මේ සඳහා උදාහරණයක් ලෙස දැනටමත් Facebook සමාජ ජාලය තහනම් කර ඇති චීනය සලකා බලමු, චීන රජය මෙම අඩවිය තහනම් කර ඇති වුවද මෙ මොහොතෙත් චීනයේ සිට VPN එකක් භාවිතා කරමින් Facebook වෙබ් අඩවියට පිවිසිය හැක.

ශ්‍රී ලංකාවේ ද මෙම තහනම දිගටම පැවතියහොත් අපටද VPN භාවිතා කිරීමට සිදුවනු ඇත. නමුත් Facebook ආයතනය විසින් මෙම තහනමට දායක වුවහොත් ඔවුන් විසින් ශ්‍රී ලංකාවට Advertising ඉවත් කරනු ඇති අතර Facebook හරහා Advertising කරන ව්‍යාපාරික ප්‍රජාවට සහ ඒ හරහා e-money උපයන ලාංකිකයන් ට මෙය දරුණු පහරක් වනු ඇත.

තවද, ඔබ විසින් දැනටත් VPN භාවිතා කර ෆේස්බුක් අඩවියට පිවිසෙන්නේ නම්, වෙනත් රට වල Page වල පෝස්ට් Suggested post යටතේ ඔබට දක්නට ලැබෙනු ඇත. ෆේස්බුක් තහනම නිසා අපිට දැකගැනීමට හැකි වන පෝස්ට් වල අදාලත්වය පිළිබඳව ගැටලුවක් මතු වේ. VPN server එක මගින් අපිට ලබා දෙන IP ඇඩ්ඩ්‍රස් එක අයත් වන රටට අදාල පෝස්ට් සහ දැන්වීම් ඔබට දැනටමත්
දැකීමට ලැබී ඇති බව විශ්වාසයි.

තවද දිගින් දිගටම VPN සර්වර් එක මාරු වීම නිසා අපගේ Location පිළිබඳව ෆේස්බුක් අඩවියට ගැටලුවක් ඇතිවන අතර එමගින් අපගේ ෆේස්බුක් ගිනුම් තාවකාලිකව අක්‍රීය වීමටද ඉඩ පවතී.

එම නිසා ෆේස්බුක් වෙබ් අඩවිය දීර්ඝ කාලීනව ශ්‍රීලංකාවේ තහනම් වුවහොත් ඉහත සඳහන් ගැටලු වලට මුහුණ පෑමට අපිට සිදුවනු ඇත.

මේ මොහොත වන විටත් මෙම පුවත සනාත කරන ආකාරයෙ කිසිදු සාක්ශියක් ලැබී නොමති අතර, e – අපි එවැන්නක් ලැබුනු විගස ඔබව දැනුවත් කරමු.

By |2019-04-29T14:20:09+05:30April 29th, 2019|Categories: Facebook, News, Technology|Tags: , , , |0 Comments

Leave A Comment