You are here:-, Messenger-ඉදිරියේදී පරිගණක වලටත් Facebook Messenger Software එකක්

ඉදිරියේදී පරිගණක වලටත් Facebook Messenger Software එකක්

Facebook සමාගමෙහි සුප්‍රසිද්ද Messaging Client එක වන Messenger, PC Software එකක් ‌ලෙස මෙම වසර අවසානය පමණ වන විට ලබාදීමට සුදානම් බව Facebook සමාගම San Jose, California හි පැවැත්වු F8 Conference(Facebook සමාගම එහි ‌වෙබ් අඩවිය ආශ්‍රයෙන් ‌සේවා සහ නිපැයුම් නිර්මාණය කරන ව්‍යවසායකයන් සහ developer වරුන් සඳහා අවුරුද්දක් පාසා පවත්වනුු ලබන සම්මන්ත්‍ර්‍රණයක්.) වැඩසටහනේදී නිවේදනය කර ඇත.

ලොව පුරා භාවිතා වන ජංගම දුරකථන ප්‍රමාණය පරිගණක ප්‍රමාණයට වඩා වැඩි බැවින් පරිගණක ආශ්‍රිත මෘදුකාංග නිශ්පාදන තරමක් ‌‌සෙමින් සිදු ‌වේ. නමුත් ආයතන වල ‌සේවය කරන ‌සේවකයින් දවසින් වැඩි කාලයක් පරිගණක ආශ්‍රයේ ගත කරණ බැවින් ‌‌මෙම messenger පරිගණක මෘදුකාංගය නිසා ඔවුන් Facebook පරිසරය තුල වැඩි කාලයක් ගත කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

Facebook සමාගම එහි නිවේදනයක ‌මෙසේද සඳහන් කර ඇත.

“People want to seamlessly message from any device, and sometimes they just want a little more space to share and connect with the people they care about most,”(මිනිසුන්ට අවශ්‍ය වන්නේ ඕනෑම උපකරණයක් මගින් කිසිම අවහිරයක් ‌තොරව පණිවිඩ හුවමාරු කර ගැනීමටයි, සමහර අවස්ථා වලදී ඔවුන්ට තම ‍ නෑදෑ හිතමිත්‍රාදීන් සමග සම්බන්ධ වීමට තව දුරටත් අවකාශය අවශ්‍යය ‌වේ.)

තවද ‌Messenger පරිගණක මෘදුකාංගය තුලින් audio calls, video calls, group video calls සහ Messenger Mobile App එකෙහි ඇති තවත් ලක්ෂණද දැකගැනීමට හැකි වන බවද සදහන් කර ඇති අතර තවද ඒ තුලින් ව්‍යාපාර වලට ඵලදායී වන තවත් ලක්ෂණ කිහිපයක්ද දැක ගත හැකි වනු ඇත.

By |2019-05-01T12:06:28+05:30May 1st, 2019|Categories: Facebook, Messenger|0 Comments

Leave A Comment