You are here:-, News-Google ආයතනය මගින් Location History සහ Web History සම්පූර්ණයෙන් මකා දැමීමට අංගයක්….

Google ආයතනය මගින් Location History සහ Web History සම්පූර්ණයෙන් මකා දැමීමට අංගයක්….

ඔබගේ ගූගල් ගිණුම සඳහා නව විශේෂාංගයක් Google ආයතනය හඳුන්වා දෙන්න කටයුතු කරලා තිබෙනවා. නියමිත කාල පරිච්ඡේදයකට පසු ඔබගේ Location History , Web History සහ Web activity දත්ත ස්වයංක්රීයව මකා දැමීමට හැකි වෙන ආකාරයෙන් අලුත් අංගයක් එකතු කරන්න ඔවුන් සූදානම් බවයි ආරංචිය. ඔබට මාස 3 කින් හෝ 18 කින් පසු දත්ත මකාදැමීමට හැකි වනු ඇත. ඉන්පසු එය අඛණ්ඩව සිදු වෙන්නට සකස් කල හැකියි.

Google Chrome හි Location සොයා ගැනීමේ ක්රමවේදයන් නිසා පසුගිය වසරේදී ගැටළු බොහෝ ගැටලු ඇති වුණා. යම්කිසි හෙයකින් ඔබ Location History අක්‍රීය කිරීමෙන් පසුව ද Google ආයතනය ඔබව දිගින් දිගටම ඔබගේ Location නිරීක්ෂණය කරන බවක් පෙනී යන ලදී. ඔබගේ Location නිරීක්ෂණය කිරීමෙ සම්පූර්ණයෙන්ම නැවත්වීමට නම් ඔබ විසින් “Web & Application Activity” සැකසුම අක්‍රීය කිරීම කල යුතුය. බොහෝ පරිශීලකයන්ට එය Settings ඔස්සේ සකස් කර ගැනීම බොහෝ හිසරදයක් වී තිබූ බැවින් මෙවැනි දෙයක් Google ආයතනය ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙන බව විදෙස් මාධ්‍ය පවසයි.මේ අනුව ප්‍රකාශයට පත් කරන ලද ක්‍රමවේදයෙන් සියලු දත්ත මකාදමනු ලබයි. එනම් එමගින් ඔබගේ Location History එකෙහි සෑම තොරතුරක්ම බිංදුව දක්වා එනම් All clear කිරීමක් සිදු කරන බවයි පවසන්නේ.

By |2019-05-03T09:37:46+05:30May 2nd, 2019|Categories: Google, News|Tags: , , |0 Comments

Leave A Comment