You are here:-, Google-Google I/O 2019 Kynote එකෙහි සඳහන් කල විශාලම නිවේදන

Google I/O 2019 Kynote එකෙහි සඳහන් කල විශාලම නිවේදන

Google ආයතනය විසින් පවත්වන Google I/O 2019 Event එක ඊයේ ( මැයි 7 ) දිනයේදී සාර්ථකව අවසන් කරන්න Google ආයතනයට හැකි වුණා.ඒ වගේ මීට සමගාමිව පවත්වන Google I/O Extende 2019 Sri Lanka Event එකත් ඊයේ රාත්‍රීය පුරාවටම Dialog ආයතනයත්, Mobitel ආයතනයත් සාර්ථකව පවත්වනු ලැබුවා.මේ සඳහා සජීවිව ඔවුන් හා සම්බන්ධ වූ සියලූම දෙනාට ස්තූති කරන්නත් ඔවුන් අමතක කලේ නෑ.

ඉතිං මේ එක්කම රාත්‍රී 10.30 ට පටන් ගත්තු Google I/O ප්‍රධාන Event එකෙහි විකාශනය සාමාන්‍ය සිංහල බසින් පරිශීලකයින්ට ලබාදෙන්න Tech News වෙබ් අඩවිය අමතක කලේ නෑ. විවිධ විශේෂ අවස්ථා එකින් එක සියලූම දෙනාට තේරුම් ගත හැකි ආකාරයෙන් ඔවුන් එය මෙම වෙබ් අඩවියේ සජීව යාවත්කාලීන කිරීමක් හැටියට ඉදිරිපත් කලා.අපි දැන් කතා කරමු ඊයේ දිනයේදී Google ආයතනය එළි දැක්වූ නිෂ්පාදනයන් පිළිබඳව….

Google ආයතනය සාමාන්යයෙන් සෑම වසරකම වගේ  I / O තුළ දී  දෘඩාංග හෝ මෘදුකාංග අලුතින් එළි දැක්වීම  සඳහා වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන 2018 දී අපට ඔවුන් ලබා දුන්නාට වඩා වැඩි මෙවලම් ප්‍රමාණයක් මෙවර ඉදිරිපත් කලා.මේ ඒ පිළිබඳව….

PIXEL 3A සහ 3A XL වෙළඳපොලට

Pixel 3A සහ 3A XL ජංගම දුරකථනයන් දැන් අඩු මිලකින් headphone jacks සමගම වෙළඳපොලට ඉදිරිපත් කර ඇති බවයි Google ආයතනය පවසන්නේ.මෙම ජංගම දුරකථනය $399 සිට ඉහලට මිල නියම කර ඇති අතර , අලුත් අංගයන් මෙම කැමරාව සඳහා එකතු කර ඇති බව තමයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කලේ. Night Sight, Super Res Zoom සහ  portrait mode මෙම අංගයන්ට ඇතුලත් වේ.

මේ වගේ අඩු මිලකට ‌මේ ජංගම ‌දුරකථනය අලෙවි වෙන්නෙ ඇයි කියලා හුගක් අයට ප්‍රශ්නයක් තිබුනා.ඒකට හේතුවක් විදිහට අපට දකින්න ලැබුනේ Google ආයතනය මගින් වැඩි මිලක් වැය වෙන waterproofing සහ wireless charging අංගයන් මෙම දුරකථනයෙන් ඉවත් කර ඇති බවයි.කෙසේ වෙතත් Google ආයතනය මගින් ලබා ‌දෙන Unlimited Google Photos Cloud Service  නිසා හොඳ උපාංගයක් බවට මෙය පත් වෙලා තියෙනවා.

Smart Display සහ Camera එකක් සමග එන NEST HUB MAX

Google ආයතනය දැන් Google Home අලුතින්ම නාමය Google Nest ලෙස ‌වෙනස් කර ඇති අතර ඒ අතරම එය නව නිෂ්පාදනයක් ලෙසින් $229 කට මිලදී ගැනීමට Nest Hub Max හඳුන්වා දී ඇත. මෙම උපාංගය Nest camera, Google Home Hub සහ  Google Home Max, offering a security camera, smart display මෙන්ම loudspeaker යන උපාංගයන්ගෙන් ද සමන්විත වෙනවා.

මෙහි සිත්ගන්න කාරණය වන්නේ Google Home Hub මෙන් නොව මෙය සඳහා විශේෂ කැමරාවක් යොදා ඇත.එහි දී පුද්ගලයා හදුනාගෙන ඒ පුද්ගලයාට අදාල දත්ත හා ඔහු කැමති දෑ පමණක් Display කිරීමට ඔවුන් කටයුතු කරයි. එහිදී ඔවුන්ගේ විඩීයෝවේ සඳහන් වුණා , පවුලේ සාමාජිකයින් තමන්ගේ වැඩ කරමින් වීඩියෝ කෝල් එකක් ගන්න විට ඔහු ගමන් ගන්න තැන අනුව කැමරාව focus වෙමින් අවශ්‍ය ආකාරයට වීඩියෝ කෝල් පහසුකම ලබා දෙන ආකරය.ඉතිං මෙය නම් මෙම මාසයේ ඉදිරියේදී නිකුත් වෙන බවයි ඔවුන් පැවැසුවේ.

ANDROID Q BETA 3 මගින් DARK THEME, A NEW DIGITAL WELLBEING MODE, SMART REPLY පහසුකම්

ඔබට මේ වන විටත් Android Q Beta බාගත හැකි වන අතර එය ඉතාමත් සුලු ගන්නා ආකරයේ මෙන්ම බොහෝ පරිශීලකයින් සතුටු වන ආකාරයෙන් Standard Android Apps සඳහා Dark Mode හඳුන්වා දී තිබුණා.පෙර Android  Q Beta Version එකේදි අපට මෙය දක්නට ලැබුනත් එය පහසුවෙන් On/Off කිරීමේ අපහසුවක් ඇති වී තිබුණා.එම නිසා මෙය තමන්ට අවශ්‍ය ආකරයෙන් සකස් කරගන්නට අවස්ථාව ලබා දී ඇති බව නම් පෙනී යනවා. කෙසේ වෙතත් මෙය වෙනත් ඒවා මෙන් අළු පැහැය හෝ ළා කලු නොවන අත සැබවින්ම Dark Mode එකක් බවත් බැටරිය ඉතුරු කිරීම සැබෑවක් බවත් Google ආයතනය ලොවට එළි දක්වනවා.

එමෙන්ම මෙහි Smart Reply පහසුකමේදී Google Assistance භාවිතා කරමින් Messages මෙන්ම Email පණිවිඩයක් පවා තමන්ගේ කටහඩින් පාලනය කරන්නට හරි අපූරුවට හැකියාවක් තියෙන බව තමයි අපට දකින්නට ලැබුණේ.

Digital Wellbeing ගැන සඳහන් කිරීමේදී විශේෂයෙන්ම දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධය වඩාත් වැඩි වන ආකාරයෙන් තමයි ඔවුන් මෙවර එය වැඩි දියුණු කරලා තියෙන්නෙ. එබැවින් ඔවුන්ගේ දරුවන් කාලය ගත කරන්නේ කුමන යෙදුම් සමග ද යන්න  දෙමාපියන්ට සොයා බැලීමට මෙන්ම එම යෙදුම් සීමාවන් කිරීමට ද හැකියාව පවතී.

ANDROID මගින් සෑම වීඩියෝවකටම LIVE SUBTITLES පහසුකම් ලබා දෙයි.

ගූගල් සියලුම වීඩියෝ වලට Live Subtitle පහසුකම් ගෙන එයි. ඔබ වීඩියෝ කැමරාවකින් නරඹන විට, වෙබ් අඩවියේ හෝ වීඩියෝ චැට් වල දී යම් පුද්ගලයකු කතා කරන භාෂාව එවෙලේම Live Subtitle මගින් තිරයේ නිරූපණය කිරීමට ඔවුන් කටයුතු කරයි.එය  බිහිරි හා දුෂ්කර පුද්ගලයන් සඳහා මෙය ගොඩනඟා ඇති බව තමයි Google සමාගම පවසන්නේ. නමුත් සමහර අය එම වීඩියෝ පොදු ස්ථානවල නරඹන විට සහ ඒවායේ ශබ්දය අඩු කිරීමේදී වුවද ඔවුන්ට මෙය භාවිත කල හැකි වේ.

සජීවී සංසදය දුරකථන ඇමතුම් වලට එක්කරමින්, දැනට පවතින සංවාදයේ සජීවී සංඝටකයක් එකතු කිරීම, අසීරුතාවට පත්විය හැකි අයට උදව් කිරීම සඳහා පැහැදිලි අවබෝධයක් ලබා දේ.

Android Updates වේගයෙන් එවීමට සූදානමක්

Android Q Version එක Google සමාගම විසින් Google Play මගින් අප්ඩේට් එකක් ලෙස එවීමට කටයුතු කරන බවත් ජංගම දුරකථනය සමගම එවන තෙක් දැන් බලා නොසිටිය හැකි බවත් ඔවුන් පවසනවා.එමෙන්ම විවිධ Bugs ඉක්මනින් Fix කරමින් යාවත්කාලින කිරීම් කිරීමට ඔවුන් කටයුතු කරන බව තමයි සඳහන් කලේ.

Google Maps සඳහා Incognito Mode එකක්

location and search tracking අවම කිරීම සඳහා Google Map විසින් Incognito Mode එකක් Google Maps සඳහා ලබා දීමට කටයුතු කර ඇත.මෙය Web අඩවියේ මෙන්ම App එකෙන්ද ලබා ගත හැක.එය සෑම මාස 3 සිට 18 දක්වා කාලවලදී ඔවුන්ගේ ocation, web, and app activity සියල්ල automatically delete ක්‍රමවේදයක් සතියකට පසු ලබා දෙන බවයි පැවසුවේ.

Google Lense Update

Google Lense සඳහා පසුගිය වසරේ සිට යම් යම් යාවත්කාලීන කිරීම් ලබා දුන් අතර, ආපනශාලා මෙනුවක් හෝ තොරතුරු කඩදාසි කැබැල්ලක් Scan කිරීමෙන් තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් මෙහි ඇත.ඔබ Harry Poter රසිකයෙක් නම් ඔබට මතක ඇති එම කතාවේ ඇති පුවත්පත්වල ඇති පිංතූර චලනය වීමක් සිදු වන බව.එනම් එය වීඩියෝවක් මෙන් සම්පූර්ණ ජවනිකාවම පෙන්වයි.එවැනි තාක්ෂණයක් තමයි Google ආයතනය මේ Google Lense එක සඳහා යොදාගෙන තිබෙන්නෙත්.ඔවුන් ඒ සඳහාම සකස් කල Google Lense Newspapers වෙනම එවන්නත් කටයුතු කරන බවටයි ඊයේ නිවේදනය කලේ.

වෙබ් අඩවිවලට එන Duplex

තාක්ෂණය සමග යාවත්කාලීන වන Google ආයතනය AI තාක්ෂණය යොදාගනිමින් කරන අපූරූ වැඩක් තමයි මේ Duplex කියන්නේ. කෙටියෙන්ම කියනවනම් Touchless ක්‍රමයක් තමයි මෙහි භාවිතා වන්නේ.Touch කිරීමෙන් බොහෝ වේලාවක් ගතවන ක්‍රියාවලි ස්වයංක්‍රීයව පෝරනය කරමින් තමයි මෙය භාවිතා වෙන්නෙ.

“Hey Google” යන්නෙන් අමතන ඔබේ Google Assistance “Stop” යන්නෙන් නවතා දැමීමට හැකීවීමම විශේෂත්වයක්.

ඉතිං මේ වගේ ගොඩාක් දේවල් Google සමාගම ඊයේ දිනයේදී ලෝකයාට ඉදිරිපත් කලා.වැරදි අඩුපාඩු වගේම තව එකතු වෙන්න දේවල් තියේ නම් යටින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

Leave A Comment