You are here:--Google I/O Extended 2019 වැඩසටහන ලංකාවේ අපි නරඹන්නේ කොහොමද ?

Google I/O Extended 2019 වැඩසටහන ලංකාවේ අපි නරඹන්නේ කොහොමද ?

අද දවසේ Technology වලට interest කරන කොයි කවුරුත් දැන් බලන් ඉන්නේ Google I/O Extended 2019 event එක බලන්නයි. ඉතිං ඇමරිකාවෙන් පිට ලොකුම Google I/O Extended එක තියෙන්නෙ ලංකාවේ කියලා තමයි කොයි කවුරුත් කියන්නේ.ඒත් ශ්‍රී ලංකාව තුල ඇතිවුණ ආරක්ෂක තත්වයත් එක්ක Dialog ආයතනයත් Mobitel ආයතනයත් Google I/O Extende 2019 Event එක සජීව විකාශයක් කරන්න බලාපොරොත්තු වුණා.ඉතිං අද ( මැයි 7 ) ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රෑ 10.30 ට තමයි Google සමාගමේ ප්‍රධාන I/O 2019 Event එක තියෙන්නෙ. මේ Event එකත් ඔයාලට සජීවීව ඔවුන්ගේ මෙම වෙබ් අඩවිය හරහා නරඹන්න පුලුවන්.අපි දැන් බලමු ශ්‍රී ලංකාව තුල Dialog ආයතනයත් Mobitel ආයතනයත් පවත්වන Google I/O Extend 2019 Event සහ ඒවා විකාශය වෙන වෙලාවන් පිලිබඳව.

Google I/O Extended Sri Lanka 2019 – Powered By Dialog

Dialog ආයතනයමගින් සංවිධානය කරන Google I/O Extended 2019 Event ආරම්භ වන්නේ අද සවස 8.30 ටයි.ඔවුන් මෙම වැඩසටහනට සමගාමීව Register වූ පිරිසෙන් තෝරාගත් පිරිසකට Google I/O T-Shirts බෙදා දෙන්නත් කටයුතු කලා.ඒත් ඔවුන්ගේ මෙම event එක සඳහා Register වීමට ලබාදුන් Platform එක පිලිබඳව නම් පරිශීලකයන්ගෙන් හොඳ ප්‍රතිචාර අහන්න ලැබුනේ නෑ.එහි  Reset Password හෝ Forgot Password Option එකක් නොමැති  වීමත් , Select කරගැනීමේදී බොහෝ දෙනෙක් Select වී නොතිබීමත් නිසා යම් යම් ගැටලු ඇති වුනා.ඒ කෙසේවෙතත් ඔවුන්ගේ මෙම සජීවී විකාශය ඔවුන් Dialog TV සේවාව භාවිතා කරන්නන් සඳහා Dialog Now, එහෙමත් නැතිනම් channel no.1 හරහා මෙන්ම io.thepapare.com වෙබ් අඩවිය හරහා වගේම  Dialog My TV Android App එක හරහාද විකාශය කරන බවයි ඔවුන් පවසන්නෙ. ඔවුන් පවසන ආකරයට නම් සෑම Dialog පාරිභෝගිකයෙක්ගෙන්ම කිසිදු Data වැයවීමක් නොමැතිව මෙය නරඹන්න පුලුවන්ලු.

Catch all the LIVE action of Google I/O Extended Sri Lanka 2019 today from 8.30PM onwards on io.thepapare.com and the…

Posted by Dialog Axiata on Tuesday, 7 May 2019

Google I/O Extended Sri Lanka 2019 – Powered By Dialog

Mobitel ආයතනය මගින් සංවිධානය කරන Google I/O Extended 2019 Event එක ආරම්භ වන්නේ හවස 6.30 ටයි.ඔවුන් විසින් මෙම Event එකෙහි න්‍යාය පත්‍රයත් එලි දක්වලා තියෙනවා.

Announcing the Agenda of Google I/O Extended Sri Lanka 2019 powered by Mobitel.. For more details https://mic.lk/io19/ #io19 #mobitel #mic #io19sl #io19extended #ioextendedsrilanka

Posted by Mobitel Innovation Centre on Tuesday, 7 May 2019

මේ වැඩසටහනට සමගාමිව ඔවුන් ශ්‍රී ලංකාව පුර පැල සිටුවීමේ ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක කලා.නමුත් ඔවුන් Google I/O Extende T-Shirts පිළිබඳව නම් කිසිම සඳහනක් කරලා නෑ.කෙසේ වෙතත් Mobitel ආයතනය ඔවුන්ගේ Youtube Channel එකේ සහ නිළ Facebook Page එක මෙන්ම PEO TV හී ඇති Event TV එනම් Channel 20 ඔස්සේ නැරඹීමට හැකිය.

කොහොම නමුත් රාත්‍රී 10.30ට පටන් ගන්න Google I/O ප්‍රධාන වැඩසටහන ආරම්භ වන තෙක් විවිධ Tech Experts ලගේ දේශන මගින් ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න පුලුවන්. ඔබත් මෙම වැඩසටහන්වලින් පසුව මේ ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා.

By |2019-05-07T18:27:52+05:30May 7th, 2019|Categories: Google|Tags: , , |0 Comments

Leave A Comment