You are here:-, Google, Huawei, News-Qualcomm සහ Intel ඇතුළු Processor නිෂ්පාදන සමාගම් කිහිපයක්ම Huawei වෙත තම නිෂ්පාදන ලබාදීම නවතා දමයි.

Qualcomm සහ Intel ඇතුළු Processor නිෂ්පාදන සමාගම් කිහිපයක්ම Huawei වෙත තම නිෂ්පාදන ලබාදීම නවතා දමයි.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝගයක් මත Huawei ඇතුලු චීන නිෂ්පාදන කිහිපයකටම දැඩි වාරණයන් යොදනු ලැබුවා. ඒ අනුව Google සමාගම ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත Huawei ස්මාර්ට් ජංගම දුරකතන සඳහා Android Updates ලබා නොදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අප ඔබට පැවසුවා. Google සමාගම ගත් මෙම තීරණයත් සමගම qualcomm සහ Intel ඇතුළු ජනප්‍රිය processor නිෂ්පාදන සමාගම් ද Huawei වෙත සිය නිෂ්පාදන ලබා දීම නැවත දැනුම් දෙන තුරු නවතා දමා තිබෙනවා.

කෙසේ වෙතත් Bloomberg පවසන ආකාරයට Huawei සමාගම ඇමරිකාව මෙම තීරණය ගැනීමට පෙර මාස තුනකට පමණ සෑහෙන ලෙස processors ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමට සමත් වී තිබෙනවා.

ඇමරිකාවේ මෙම තීරණයට හේතු වී ඇත්තේ චීනය සහ ඇමෙරිකාව අතර පවතින ආර්ථික තරගකාරීත්වය බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. එමෙන්ම විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම තීරණය දෙරටටම ඉතා අවාසිදායක බවයි.

මෙම සැපයුම් අඩාල වීම නිසා ලොව පුරා 5G Network ඉදි වීම සම්බන්ධව යම් ගැටලුවක් ඇති වන බවත්, ඇමරිකාව තුල Huawei දුරකථන ඉවත් වීමක් සිදු වන නිසා යම් කැලඹීමක් ඇති බවත් සදහන් වනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලසිටම Huawei සමාගම චීන රජය වෙනුවෙන් ඔත්තු බලන බව දෝෂාරෝපණය එල්ල කර සිටියා.එම නිසා මෙවැන්නක් කරන්නට ඇත්තයි ද විවිධාකාරයේ මත මේ වන විටත් ලොව නන් දෙසින් වාර්තා වනවා.

By |2019-05-21T15:11:00+05:30May 20th, 2019|Categories: Android, Google, Huawei, News|Tags: , , |0 Comments

Leave A Comment