You are here:-, Microsoft, News-ඇමරිකාව හැදූ නයි ඇමරිකාවම කයි…

ඇමරිකාව හැදූ නයි ඇමරිකාවම කයි…

පසුගිය මැයි 7වන දා සිට ඇමරිකාවේ Baltimore නාගරික රජය ransomware ප්‍රහාරයකට මුහුණ දුන් පසු Baltimore නගර සභාවේ ඊමේල් සේවාවේ සිට නාගරික වැසියන්ගේ ජල බිල්පත්, බදු තොරතුරු මෙන්ම අනෙකුත් තොරතුරු අඩංගු පද්ධතිය පවා අඩපණ වූ බව අප ඔබට පැවසුවා.

මෙහි හාස්‍යජනකම සිදුවීම වන්නේ මෙම ransomware ප්‍රහාරයට යොදාගෙන ඇති EternalBlue නැමති Tool එක නිපදවා ඇත්තේ ඇමරිකාවෙ ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් (NSA) විසින් වීමයි.
මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ Windows XP සහ Vista යන මෙහෙයුම් පද්ධති යොදා ඇති පරිගණක වේ. EternalBlue Tool එක මගින් මෙම මෙහෙයුම් පද්ධති අඩපණ කර අදාල පරිගණකයේ තමන්ට අවශ්‍ය Commands වෙනත් ස්ථානයක සිට ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසා දෙයි.

NSA ආයතනය විසින් නිපදවූ මෙම EternalBlue නැමති Tool එක 2017 දී ShadowBrokers නැමති හැකර් කණ්ඩායමක් විසින් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කර ඇත. කෙසේවෙතත් ප්‍රහාරයෙන් දිනකට පසු Microsoft සමාගම විසින් මෙම ප්‍රහාරයන්ගෙන් බේරිමට අදාල මෙහෙයුම් පද්ධති සඳහා Security patch එකක් නිකුත් කර ඇති නමුත් විශේෂඥයින් පවසන්නේ දැනටමත් ප්‍රහාරයට ලක්ව ඇති පරිගණක මෙම patch එක දැමීමෙන් පමණක් සියයට සියයක් ආරක්ෂා නොවන බවයි.

Wannacry ඇතුළු ප්‍රසිද්ධ ransomware ප්‍රහාර කිහිපයක් සඳහාම හැකර්වරුන් විසින් මෙම EternalBlue Tool එක යොදාගෙන ඇත. විශේෂයෙන්ම මෙම ප්‍රහාර බොහෝමයක් ඇමරිකාව ඉලක්ක කරමින් එල්ල වී ඇත.

Baltimore නාගරික රජයට ප්‍රහාර එල්ල කර හැකර්වරුන් එම තොරතුරු නැවත ලබාදීමට රජයෙන් ඩොලර් 76,000 ක කප්පමක් ඉල්ලා සිටියි. කෙසේ වෙතත් මේ වන විට නගර සභාව තම දෛනික කටයුතු පරිගණක රහිතව සිදුකරමින් සිටින අතර එහි තොරතුරු තාක්ෂණ අංශය විසින් නැතිවූ තොරතුරු නැවත ලබා ගැනීමට සහ පරිගණක පද්ධතියේ අරක්ෂාව වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටියි.

By |2019-05-26T21:00:35+05:30May 26th, 2019|Categories: Cyber Attack, Microsoft, News|Tags: , , , , |0 Comments

Leave A Comment