You are here:-, Apple, News, Whatsapp-WhatsApp සමාජ ජාලයට එල්ල වුණු හැකර් ප්‍රහාරෙයන් ඔබේ ගිණුම බේරාගන්නේ කෙසේද? 

WhatsApp සමාජ ජාලයට එල්ල වුණු හැකර් ප්‍රහාරෙයන් ඔබේ ගිණුම බේරාගන්නේ කෙසේද? 

Whatsapp සදහා එල්ල වුණු Spyware Attack වලින් බේරීම සදහා ඔවුන්ගේ යෙදුම යාවත්කාලීන කරගන්නා ලෙස වට්සැප් ආයතනය ඉල්ලා සිටී.

IPhone සහ Android යන ජංගම දුරකථන මත WhatsApp වලින් ඇති වූ අවදානම සෑම ඇප් එකක් සදහාම බලපාන්නට විය.මෙමගින්  හැකර්කරුවන්ට පරිශීලකයන්ගේ දුරකථන දුරස්ථව පාලනය කිරීමේ හැකියාවක් ලැබේ.

මාර්ක් සකර්බර්ග් පවසන ආකාරයට NSO සමූහය විසින් ආරම්භ කරන ලද මෙම spyware ප්‍රහාරය බොහෝ දුරකථනවලට බලපා ඇති බවයි. එය WhatsApp හරහා ඇමතුමක් ලබා ගන්නා විට ස්ථාපනය වීමක් සිදුවන අතර එසේ ඇමතුමක් ලබා නොගනන්නේ නම් එයට ක්‍රියාත්මක වීමට අවස්ථාවක් නොලැබෙයි.

ඔබගේ WhatsApp ගිණුම සහ ඔබේ දුරකථනය සුරක්ෂිත තබා ගැනීම සදහා Whatsapp යෙදුම Update කරගැනීමට සිදු වේ. මෙම Update එක ඔබ යාවත්කාලීන කළ යුතුම Update එකක් බවයි Whatsapp ආයතනය පවසන්නේ.

Android දුරකථනයකින් Update කරන්නේ නම්…….
  • Google Play Store වෙත යන්න.
  • Menu එකෙහි උඩින්ම ඇති ‘My Apps & Games’ තෝරන්න.
  • WhatsApp හි ඇති Update යන්න තෝරන්න.
iOS දුරකථනයකින් Update කරන්නේ නම්…….
  • App Store වෙත යන්න.
  • WhatsApp ලෙස සර්ච් කරන්න.
  • එහි ඇති Update යන්න තෝරන්න.

 

By |2019-05-18T12:39:30+05:30May 18th, 2019|Categories: Android, Apple, News, Whatsapp|Tags: , |0 Comments

Leave A Comment