You are here:-, Google, Huawei, News-Huawei සමාගමට ආයෙත් Google සහය නැහැ

Huawei සමාගමට ආයෙත් Google සහය නැහැ

Google ආයතනය විසින් සුප්රසිද්ධ දුරකථන නිෂ්පාදන සමාගමක් වූ චීනයේ Huawei ආයතනය සමග තිබූ වෙළඳ සම්බන්දතාව පසුගියදා නවතා දමා තිබෙනවා. ඇමරිකානු රජය පවසන්නේ වෙළඳ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ඇමෙරිකානු රජයේ අනුමැතිය ලබාගත යුතු බවයි.

මේ අනුව ඉදිරියේදී නිකුත් වීමට තිබූ Android සදහා වන Security patches මෙන්ම Software Updates, Google Security Updates සහ Technical Support කිසිවක් Huawei දුරකථන සදහා නොලැබී යයි.එමෙන්ම Android Licenese එක ද  වහාම ක්‍රියාත්මක වන පරිදි Google සමාගම විසින් අත්හිටුවා ඇත.

නමුත්, Android Open Source Project එක Open Source License යටතේ Android මෙහෙයුම් පද්ධතිය ලබා දුන්නද, Gmail, Google Play, Google Maps, YouTube වැනි කිසිදු සේවාවාක් එම දුරකතනවලට හිමි නොවනු ඇත.

Huawei ප්රධාන විධායක රෙන් පවසන්නේ ⁣තම නිෂ්පාදන⁣ ලොව ඉතා වේගයෙන් ජනප්රිය වන්නට පටන් ගැන්ම නිසා ඇමරිකානු දුරකථන නිෂ්පාදන සමාගම් වලට එල්ලවන පහර වැලැක්වීමට ඇමරිකානු සමාගමක් වන Google මෙය සිදුකරන්නට ඇති බවයි.

විශේෂයෙන්ම Android apps වල දී Google Play Service එක හරහා ක්‍රියාත්මක වන push notification පහසුකම ක්‍රියාත්මකටද මෙමගින් බලපෑම් ඇති වේ. කෙසේ වෙතත් චීනය තුල මෙම Google Apps බොහෝමයක් අතීතයේ සිටම එරට රජය විසින් තහනම් කර තිබූ නිසා Huawei ආයතනයට එය එතරම් බලපෑමක් නොවන බවද විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. නමුත් Huawei ආයතනයේ මූලික ඉලක්කය ගෝලීය වෙළදපොළ නිසා එය යම්තරමක හෝ බලපෑමක් එල්ල වනු ඇත.

කෙසේවෙතත්, හැකි ඉක්මනින් නැවතත් Google සමාගම සමග ගිවිසුමකට එලඹීමට හෝ තමන්ටම ආවේනික වූ මෙහෙයුම් පද්ධතියක් ගොඩනගා ගැනීමට Huawei ආයතනයට සිදුවී ඇත.ඔවුන් මෙම ගැටලුව විසදා ගන්නා ආකාරය ගැන තවමත් පවසා නොමැති නමුත්, එය බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් සිටින බව නොඅනුමානයි.

By |2019-05-20T13:09:32+05:30May 20th, 2019|Categories: Android, Google, Huawei, News|Tags: , , , , , |1 Comment

Leave A Comment