You are here:-, Apple, Instagram-Instagram හි ඇති IGTV සදහා landscape video පහසුකම ලබා දෙයි.

Instagram හි ඇති IGTV සදහා landscape video පහසුකම ලබා දෙයි.

Instagram හි IGTV සදහා මෙතෙක් කාලයක් video නැරඹීමේ දී vertical  එහෙමත් නැතිනම් සිරස් ආකාරයෙන් නැරඹිය හැකි ලෙස පමණයි නිර්මාණය වී තිබුණේ.නමුත් දැන් IGTV හෙවත් Instagram ඇප් එකෙහි වීඩියෝ දර්ශනයෙහි දැන් landscape නොහොත් තිරස් ආකාරයෙන් නැරඹිය හැකි පහසුකම් ලබා දී තිබෙනවා. මෙයට වසරකට පමණ පෙර vertical video පමණක් නැරඹිය හැකි වන අයුරින් නිපද වූ මෙය බොහෝ දෙනෙකුගේ ඉල්ලීම හා ලක් වූ අපහසුතාවය නිසා මෙම පහසුකම දීමට කටයුතු කර තිබෙනවා.

“IGTV ආරම්භ කල කාලයේ සිටම මෙවැනි දෙයක් කරන්නට වෙන බව අපි දැනගෙන හිටියා. බොහෝ පරිශීලකයින් මේ වෙනස නිසා ගොඩක් සතුටු වනු ඇති බව අපි හිතනවා.“ යැයි ඔවුන්ගේ blog පිටුවක මෙසේ පවසා සිටිනවා. “ඔබ Instagram ඇප් එක open කරන විට වෙනත් ඇප්ස්වලට වඩා වෙනසක් දැනුනා.ඒ එහි සෑම ඡායාරූපයක්ම සමචතුරස්‍රාකාර හැඩයට පෙන්වන නිසා. එසේම ඔබ  IGTV ඇප් එක open කරන විට වෙනත් ඇප්ස්වලට වඩා වෙනසක් දැනුනා.ඒ එය vertical video පමණක් අඩංගු නිසා. එසේම මෙයත් ඔබට යම්කිසි අත්දැකීමක් වේවි“ යැයිද ඔවුන් පවසනවා.

මේ අනුව දැන් IGTV  සදහා ලබා දුන් landscape video අත්දැකීම ඔබත් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

By |2019-05-24T22:17:35+05:30May 24th, 2019|Categories: Android, Apple, Instagram|Tags: , , , |0 Comments

Leave A Comment