Loading...
Join Our Team2019-05-24T22:58:15+05:30

ඔන්න ඉතිං ඔයාලටත් දැන් පුලුවන් අපේ e-අපි Team එකට එකතු වෙන්න.ඔයාලගේ දැනුමත් අනිත් අය එකක් බෙදාගෙන , ඒ අයට දෙයක් කියලා දීලා සතුටු වෙන්න ඔයත් ගොඩක් ආස කෙනෙක් නම්, අපි ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා.

මොනාද තියෙන්න ඕන සුදුසුකම් ?

English දැනුම ගොඩක් නැති වුණත් Translate කරගන්න පුලුවනිනම්, Technology වලට ගොඩක් Interest නම් ඔයාට පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න.

කොහොමද එකතු වෙන්නේ ?

ඔයා අපේ වෙබ් අඩවියට එන කෙනෙක් නම්, ඔයාට දකින්න තියෙනවා ඔය වම් පැත්තේ Menu එකේ Join us කියලා Button එකක්. ඒකෙන් හො මේ වෙබ් අඩවියෙන් ඔයාට අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්. හැබැයි අපේ Team එකට එකතු වෙන්න නම් ඒක විතරක් කරලා මදි. ඔයා අපිත් එක්ක Join වුණාට පස්සේ ඔයාට ලැබෙනවා නේද username එකක් ? ඒ username එකයි, ඔයාගේ Name එකයි, ඔයාගේ Address එකයි, ඔයාගේ Contact Number එකකුයි [email protected] කියන email පණිවිඩයට email එකක් එවන්න.ඉන්පසුව අපෙන් email එකක් එනතුරු ඔයාට ඉන්න වෙනවා. බැරි වෙලාවත් අපි හිතමු ඔයාට username එක අමතකයි කියලා. එතකොට ඔයාට කරන්න තියෙන්නේ අපේ වෙබ් අඩවියට Login වෙන්න.එහෙම Login  වුණහම ඔයාට වම් පැත්තේ උඩම username එක පෙනෙන්න තියෙනවා.

 

පහල Button එක භාවිතා කිරීම මගින් ඔබට පහසුවෙන් email පණිවිඩය යොමු කල හැක.

Email to us

අපෙන් ඔබට email පණිවිඩය ලැබෙන්නේ ඔබ අපට email පණිවිඩය එවූ email address එකට නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න.ඒ වගේම තමයි අපේ email එක Spam Folder එකට ඇවිත් ද  කියලත් පොඩ්ඩක් check කරලා බලන්න.

News එකක් ලියන්නේ කොහොමද ?

  • News එකක් සිංහලෙන් ලියන්න කලින් ඔයා හොයාගන්න ඕනා Source එකක් එහෙමත් නැත්තම් මූලාශ්‍ර ලිපියක්. හැබැයි ඒ මූලාශ්‍ර ලිපිය English එකක් වෙන්න ඕනි. මොකද වෙනත් වෙබ් අඩවියකින් සිංහලට පරිවර්තනය කරන ලද ලිපි අපි වෙබ් අඩවියේ පල කරන්නේ නැහැ.
  • ඊළගට ඔය ලිපිය Translate කරන්න Google Translate වගේ භාවිතා කරන්න පුලුවනි. හැබැයි එහෙමයි කියලා English News එක Copy කරලා Google Translate දාලා එහෙම් පිටින්ම අපිට එවන්න නම් එපා.
  • සිංහල ටයිප් කරන්න මේ වගේ මෘදුකාංග භාවිතා කරන්න.
  • දැන් එකින් එක ලස්සනට සිංහලට Translate කරලා අපිට එවන්න.

සැලකිය යුතු කරුණු එහෙම නැද්ද ?

තියෙනවා තියෙනවා.අපි බලමු ඒ මොනවද කියලා.

  • ඔයා තෝරගත්තු News එක මුලින්ම කියවලා හොදින් තේරුම් ගන්න.
  • පුලුවන් තරම් සරල වචන භාවිතා කරන්න. හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට.
  • හැම වචනෙම සිංහලෙන් දාන්න ඕනි නෑ. ඒවාට අදාල විදිහට English වචන භාවිතා කරන්න. ( දැන් මම මේ විස්තරේදිත් පුවත නොකියා News කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා.අන්න ඒ විදිහට )
  • වැඩේ ඉවරවෙලා ආයෙත් ඔයාගේ ලිපිය කියවලා බලන්න.මොකද අඩුපාඩු තිබ්බොතින් දෙවෙනි සැරේ බලද්දි ඔයාට හදාගන්න පුලුවනි.
  • News එක ඔයා අපිට එව්වට පසුව අපි ඒක review කරලා publish කරන්න කටයුතු කරනවා. 🙂

News ලියද්දි මොනවගේ Source ද භාවිතා කරන්න ඕනි ?

ම්ම්ම්…. ලෝකේ Technology සම්බන්ධව හුගක් වෙබ් අඩවිවල News පල වෙනවා. ඉතිං ඒ ගැන දැනගන්න ඔයාට මෙම පිටුවෙන් පුලුවනි.

ඒ වගේම ඔයා article එක ලියලා අවසානේදි අපිට ඒ article එක ලියන්න භාවිතා කරපු source එකත් එව්වොතින් නම් ඉක්මනට article එක review කරන්න අපිට පුලුවනි. 😎

 

ඉතිං අපිත් එක්ක අපේ Team එකට එකතු වෙන ඔයාව අපි ආදරයෙන් සාදරයෙන් පිළිගනු ලබනවා ! 😍