You are here:--Microsoft සමාගම සිය Windows 10 සදහා 2019 මැයි ප්‍රධාන Update එක නිකුත් කරයි.

Microsoft සමාගම සිය Windows 10 සදහා 2019 මැයි ප්‍රධාන Update එක නිකුත් කරයි.

Microsoft සමාගම සිය Windows 10 සදහා 2019 මැයි  Update එක ඊයේ දිනයේදී ( මැයි 21 ) නිකුත් කරනු ලැබුවා. Windows 10 සදහා 2019 මැයි  Update එක සඳහා අලුත්ම light theme එකක් , speed improvement , වින්ඩෝස් sandbox විශේෂාංගය සහ Cortana සහ වින්ඩෝස් සෙවීම් වෙන් වශයෙන් පාවිච්චි කිරීමේ පහසුව යන අංග ඇතුලත් වෙනවා. Microsoft සමාගම විසින් පසුගිය මාසයේදී insider preview build 18362.30 එකක් නිකුත් කළ අතර ඒ පිළිබදව තොරතුරු මෙම ලිපියෙන් ඔබට දැක ගත හැකියි.එමගින් අනාගතයේ ගැටළු වළක්වා ගැනීමට සමාගමට යම් හැකියාවක් ලැබුණි. ඒ අනුව දැනට වින්ඩෝස් 10 පරිශීලකයින්ට හට Windows 10 සදහා 2019 මැයි  Update එක සඳහා නිල නිවේදනය නිකුත් කලේ ඊයේ දිනයේදී යි.

මෙම Update එක නිකුත්වීමත් සමඟම Microsoft සමාගම විසින් පවත්වා ගෙන යන new Windows release health dashboard එක ද එළි දැක්වීමට නියමිත අතර මැයි 2019 Update එක සහ වෙනත් මාසික Update සඳහා නිකුත් කර ඇති තත්වයන් පිලිබදව ඕනෑම ගැටළුවක් එහිදී ප්‍රසිද්ධව ඉදිරිපත් කළ හැකිය.පසුගිය 2018 ඔක්තෝබර්  Update එකේදී සමහර ගොනු delete වීමේ ගැටළු වලට මුහුණ දීමෙන් අනතුරුව Microsoft සමාගම සිය අවසාන මිනිත්තු දක්වාම පරික්ෂා කිරීම් සිදු කරමින් වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කරන බව මෙමගින් පැහැදිලි වේ.

ඔබත් දැන්ම Settings > Update & Security > Windows Update වෙත ගොස් Windows 10 සදහා 2019 මැයි Update එකෙහි වෙනස අත් විදින්න. 🙃

By |2019-05-23T00:11:08+05:30May 23rd, 2019|Categories: Microsoft|Tags: , , , , |0 Comments

Leave A Comment