You are here:-, Mobitel-Mobitel සමාගම විසින් පවත්වන Google I/O Extended 2019 event එක Online event එකක් ලෙස

Mobitel සමාගම විසින් පවත්වන Google I/O Extended 2019 event එක Online event එකක් ලෙස

කොයි කවුරුත් දන්නවා මේ අවුරුද්දේත් Google I/O 2019 මේ මැයි මාසේ ඇතුලත පැවැත්වෙනවා කියලා.ඉතිං ලංකාවේ මේ Event එක Mobitel හා Dialog ආයතන දෙකෙන්ම සංවිධානය කරනවා. මේකට මුලින්ම Registration අන්තර්ජාලයට මුදා හැරියේ Mobitel ආයතනෙනේ.ඉතිං රට තුල ඇති වෙලා තියන මේ තත්වයත් එක්ක Mobitel ආයතනය අලුත් නිවේදනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිසා කණගාටුව ප්‍රකාශ කරන බවත් ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිනවා.

ඔවුන් කියන්නේ Mobitel සමාගමේ Google I/O Extended event එක Online Event එකක් ලෙස පවත්වන්නට තීරණය කර ඇති බවයි. ඒ අනුව පෙර සැලසුම් කරලා තිබුණු ආකාරයෙන්ම, මැයි මාසේ 7 වෙනිදා පස්වරු 7 ට පවත්වන්නට නියමිතව තිබුණු Sirasa TV , Stein Studios ආයතනේ වෙනුවට Online Event එකක් ලෙස Live Stream එකකින් එහෙමත් නැත්තම් සජීවීව පැවැත්වෙන බවයි.

“𝗩𝗶𝗿𝘁𝘂𝗮𝗹 𝗠𝗼𝗯𝗶𝘁𝗲𝗹 𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗜/𝗢 𝗘𝘅𝘁𝗲𝗻𝗱𝗲𝗱 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮” යන තේමාව යටතේ අලුත්ම ආකරයකින් මෙම වැඩසටහන මෙවර පැවැත්වෙන බව තමයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන්ම Mobitel සමාගම මේ වැඩසටහනට සමගාමීව පවත්වපු “Thuru” නමින් හඳුන්වනු ලබන පැල සිටුවිමේ වැඩසටහනත් මතක් කරන්න ඕනි.

ඉතිං අමුතු ආකාරයෙන් ඔවුන්ගේ මෙවර Google I/O Extended 2019 වැඩසටහන ඉදිරිපත් කරයි කියලා බොහෝ අය බලාපොරොත්තු වෙනවා.

By |2019-05-01T15:22:02+05:30May 1st, 2019|Categories: Google, Mobitel|Tags: , |0 Comments

Leave A Comment