You are here:-, Apple, Microsoft-මිලියන 100 කට අධික පිරිසක් මයික්‍රෝසොෆ්ට් ඊමේල් යෙදුම ස්ථාපනය කර ගනී.

මිලියන 100 කට අධික පිරිසක් මයික්‍රෝසොෆ්ට් ඊමේල් යෙදුම ස්ථාපනය කර ගනී.

මයික්‍රෝසොෆ්ට් සමාගම, ජංගම දුරකථන සඳහා හඳුන්වා දුන් ඊමේල් ඇප්ලීකේෂන් එක අලුත් වාර්තාවක් තබා ඇති බවට විදෙස් පුවත් වාර්තා කරනවා.

IOS සහ Android සඳහා වන Microsoft Outlook දැන් ලොව පුරා මිලියන සියගණනක් උපාංග මත ධාවනය වන අතර, එය මෘදුකාංග ව්‍යාපරායේ දැවැන්තයෙක් ජංගම දුරකථනය යෙදුම් සඳහා කල විශාල පෙරලියක් වේ.

මයික්‍රෝසොෆ්ට් ආයතනය නිපදවූ Windows 10 Mobile platform එක අතහැර දැමූ අතර එය Android සහ iOS යෙදුම් හා සේවා සඳහා ආක්‍රමණශීලී ලෙස ආයෝජනයක් කිරීමට කරන ලද්දකි.මෙහි ප්‍රතිඵලයක් ලෙස මයික්‍රෝසොෆ්ට් සමාගමේ ජංගම යෙදුම දැන් සාර්ථකත්වය ලබා ඇත.

“මෙම වසරේ එළි දැක්වූ නව නිපැයුම සියල්ල දැන් ප්‍රබල වර්ධනයක් පෙන්වනවා.Office 365 භාවිතා කරන්නන් ද දැන් මිලියන 180 ක් පමණ සිටියි.මෙසේ Outlook යෙදුම භාවිතා කරන්නන්ද මිලියන 100 ඉක්මවා ඇත.”ප්‍රධාන විධායක නිලධාරි සත්‍යා නඩෙල්ලා පැවසීය.

Accompli සහ Outlook

කෙසේවෙතත්, Outlook යනු මයික්‍රෝසොෆ්ට් විසින් නිර්මාණය කරන ලද යෙදුමක් නොවේ.Redmond පාදක මෘදුකාංග දැවැන්තයා 2014 දී Accompli මිලදී ගැනීමෙන් පසු ඔවුන්ගේ ඊමේල් සේවාලාභියා ලෙස Outlook කටයුතු කරන අතර එය ජංගම පරිසර පද්ධතියක් තුල තමන්ගේ නිෂ්පාදනය එකතු කිරීම සඳහා ගත් පියවරකි.

එතැන් සිට Outlook හට වැඩි දියුණු කිරීම් රැසක් ලැබුණි. එබැවින් Android සහ iOS යන දෙකෙහිම ඊමේල් යෙදුම් අනුව මෙය ඉතාමත් හොඳ යෙදුමක් බව සනාතය.බොහෝ දෙනා තමගේ එදිනෙදා කටයුතු සඳහා මේ වන විටත් Outlook යොදාගෙන ඇත්තේ එහි Microsoft Exchange පහසුකම නිසා බවත් තවත් අය මෙය Google සහ Micorosft ආයතන වලින් ඉදිරිපත් කලා සේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ද ගෙන ඇත.

ඉදිරි මාස කිහිපය තුළ Outlook තවත් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති අතර මේ සඳහා මයික්‍රෝසොෆ්ට් සමගාම කැප්වී ක්‍රියා කරන බවද පෙනී යයි.

 

ඔබට Outlook යෙදුම Android  සහ iPhone සඳහා මෙමගින් පිවිස බා ගත හැක.

By |2019-04-26T15:33:34+05:30April 26th, 2019|Categories: Android, Apple, Microsoft|Tags: , , |0 Comments