You are here:-, News, Technology, Telegram, Whatsapp-පාසල් සිසුන්ට බහුවරණ ප්‍රශ්න සකසා දිය හැකි අලුත් පහසුකමක් Telegram ආයතනයෙන් එළි දක්වයි.

පාසල් සිසුන්ට බහුවරණ ප්‍රශ්න සකසා දිය හැකි අලුත් පහසුකමක් Telegram ආයතනයෙන් එළි දක්වයි.

ඉස්කෝලත් නිවාඩු දීලා නිසා දැන් ගුරුවරු බොහෝමයක් whatsapp groups හදාගෙන උගන්නන්න වෙන මහන්සිය මම දැක්කා. ඔන්න Telegram ඇප් එකෙන් අද අලුත් feature එකක් හඳුන්වා දුන්නා, groups හදාගෙන උගන්වන ගුරුවරුන් වෙනුවෙන්.

මේක අලුත් Quiz Mode එකක්. ගුරුවරුන්ට පුළුවන් මේක යොදාගෙන බහුවරණ ප්‍රශ්න හදන්න. විශේෂත්වය තමයි ප්‍රශ්න වලට උත්තර දෙන කෙනා වැරදි උත්තරේ සිලෙක්ට් කළොත් ඒක වැරදියි කියලා පෙන්නනවා. හරි උත්තරේ දුන්නොත් ඒ උත්තරේ සම්බන්ධව අමතර තොරතුරු පෙන්නන විදිහට හදන්න පුළුවන් . මීට අමතරව ළමයින්ට ප්‍රශ්නවලට උත්තර දෙන්න යම් කිසි Time එකක් දෙන්නත් පුලුවනි.ඒ time එක ඇතුලත උත්තර දෙන්න බැරි උනොතින් ඊළග ප්‍රශ්නෙට ළමයාව යොමු වෙනවා.මේ සදහා ඔවුන් වෙනම Bot කෙනෙකු පවා නිර්මාණය කර තිබෙනවා.ඔබත් මේ ලිංක් එක හරහා බහුවරණ ප්‍රශ්න සාදා ගත හැකියි.ඔබට මෙම Bot ගෙන් හදපු සිංහල  ICT ප්‍රශ්න තියෙන Channel එහෙකුත් අපිට දකින්න ලැබුණා.ඒක example එකක් විදියට ඔයාලට මෙන්න මේ ලිංක් එකෙන් බලාගන්න පුලුවනි.

 

 

ඉතිං Telegram කියන්නේ whatsapp වගේම messaging app (android,ios store වලින් ගන්න පුළුවන්) එකක්. හැබැයි ඊට වඩා ගොඩක් features තියෙනවා.

  • Group එකකට උපරිම ලක්ෂ 2 දක්වා Members ලාව add කරන්න පුළුවනි.
  • උපරිම 1.5Gb දක්වා ධාරිතාවකින් යුතු Files Upload කරන්න පුළුවනි.
  • පරිගණකයටත් වෙනම ඇප් එකක් තියෙනවා. එකම account එක Smartphone එකෙයි  Computer එකෙයි දෙකේම use කරන්න පුළුවන්. ඒකට ෆෝන් එකේ Data On කරලා තියන්න ඕනි නෑ.
  • Cloud Based නිසා Group එකක දාපු දෙයක් වුණත්, අලුතෙන් join වෙන අයට වුණත් ඒවා බලන්න පුළුවන්. එකම දේ ආයේ ආයේ අප්ලෝඩ් කරන්න ඕනි නෑ
  • තමන්ගේ files upload කරලා තියා ගන්න පුළුවන් Unlimited cloud storage එකකුත් හම්බ වෙනවා

මම මෙහි සඳහන් කළේ කිහිපයක් විතරයි තව වටින කියන දේවල් ගොඩක් තියෙනවා.

(Whatsapp වල දුක් විඳින ගුරු වරුන්ගේ ඇස ගැටේවා!)

By |2020-04-24T18:32:51+05:30April 24th, 2020|Categories: Android, News, Technology, Telegram, Whatsapp|Tags: , , , , , |0 Comments