You are here:--2020 දී Apple ආයතනයේ iPhone දුරකථන 3 ක් 5G සඳහා සහය දක්වන ලකුණු

2020 දී Apple ආයතනයේ iPhone දුරකථන 3 ක් 5G සඳහා සහය දක්වන ලකුණු

ලොව පුරා 5G  ජාලයන් ව්‍යාප්ත කිරීමට පටන් ගැනීමත් සමඟම දුරකථන නිෂ්පාදකයින් ඒවාට ප්‍රවේශ විය හැකි දුරකථන නිර්මාණය කිරීමට පටන් ගෙන තිබේ. 2020 දී ඇපල් සමාගම 5G සහය දැක්විය හැකි දුරකථනයක් එළිදක්වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ අතර දැන් නව වාර්තාවකින් පෙන්වා දෙන්නේ ඇපල් සමාගමේ දුරකථන තුනක් සදහාම 5G  සහය දැක්වීමට නිර්මාණයන් සිදු කරන බවයි.

පසුගිය මාසයේදී, ඇපල් ආයතනයේ විශ්ලේෂකයකු වන Ming-Chi Kuo වාර්තා කළේ ලබන වසරේ අඟල් 5.4 සහ අඟල් 6.7 ක iPhone මාදිලි දෙකක් සදහා 5G  සහය දක්වන බවත් iPhone XR පමණක් LTE networks සදහා සහය දැක්වීමට තබන බවත්ය. නමුත් එම මහතා අලුතින් ඉදිරිපත් කරන වාර්තාවට අනුව පවසන්නේ “Intel පදනම් කරගත් ව්‍යාපාර අත්පත් කරගැනීමෙන් පසුව 5G iPhone සංවර්ධනය සදහා දැන් ඇපල් සමාගමට වැඩි හැකියාවක් ඇත.” මෙන්ම Android 5G දුරකථනවල මිල ද පහත වැටෙනු ඇත බවයි.

කෙසේවෙතත්, මෙම නිවේදනයෙන් දින කිහිපයකට පසුව ඇපල් සමාගම නිවේදනය කළේ ඔවුන් Intel modem ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 1 කට  ආසන්න බහුතරයක් අත්පත් කර ගනිමින් සිටින බවය. MacRumors  ආයතනය පවසා සිටියේ තම ආයතනය Qualcomm වෙතින් ඉවත් වීමට අදහසක් නොමැති බවත් හා ඔවුන් 2021 වන තෙක් නොසිට ඊට පෙරම තමන්ගේම version එකක් භාවිතා කිරීමට ඉඩ සලසන බවයි.

මේ මොහොතේදී ඇපල් පවසන්නේ සිය ගනුදෙනුකරුවන්ට පුළුල් පරාසයක 5G ජාල අත්විදීමට හැකියාව ලබා දෙන අතර , ඔවුන් ඒ සඳහා යම් මුදල් ප්‍රමාණයක්  ඇපල් ආයතනයට වැඩිපුර ගෙවීමට ද කටයුතු කරනු ඇතැයිය.

By |2019-07-29T18:00:53+05:30July 29th, 2019|Categories: Apple|Tags: , , , , , |0 Comments

Leave A Comment