You are here:-, News, Technology-ඇමරිකාවේ සයිබර් කමාන්ඩ් විසින් රුසියාවේ විදුලි ජාලය ආක්‍රමණය කරයි.

ඇමරිකාවේ සයිබර් කමාන්ඩ් විසින් රුසියාවේ විදුලි ජාලය ආක්‍රමණය කරයි.

The New York Times නව වාර්තාවකට අනුව , එක්සත් ජනපද සයිබර් කමාන්ඩ් විසින් මෑත මාසවල දී රුසියානු විද්යුත් යටිතල පහසුකම්වලට පහරදීම් ගණනාවක් සිදු කර තිබේ.මෙම ප්‍රකාශයත් සමගම ප්‍රකාශය කල පුද්ගලයා සදහන් කර ඇත්තේ ඉදිරි ප්‍රහාරයන් ද ඇමරිකාව විසින් වඩාත් ආක්‍රමණශීලී ලෙස දියත් කිරීමට බලාපොරොත්තු වන බව ද අනතුරු අගවා ඇත.

ටයිම්ස් වාර්තාවට අනුව, මීට පෙර වාර්තා නොවූ, ඇමරිකානු පරිගණක කේතයක් රුසියාවේ විදුලිබල පද්ධතිය හා වෙනත් ඉලක්ක තුළට යෙදවීම පිලිබදව නිලධාරියා විසින් විස්තර කරන ලදී.එක් ජ්‍යොෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, එය පසුගිය වසර පුරා බොහෝ දුරට ආක්‍රමණශීලී වී ඇති බවත්, ඔවුන් මීට වසර කිහිපයකට පෙර අප කිසි විටෙකත් නොසිතූ පරිමාණයෙන් දේවල් කර ඇති බවත් මෙම ප්‍රහාර මගින් දැනගත් බවයි. රුසියාවේ යටිතල ව්‍යුහය තුළ “නොනැසී පැවතීම” ලෙස විස්තර කෙරෙන දේට තොරතුරු සොයා ගැනීමට මෙම උත්සාහයන් ප්‍රමාණවත් වන අතර, එක්සත් ජනපදය ඇත්ත වශයෙන්ම කිසියම් ආකාරයක ප්‍රහාරයක් දියත් කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති නිසා රුසියානු රජයට කිසිදු පියවරක් ගැනීමට හැකියාවක් නොමැතිව ඇති බවයි වාර්තා වෙන්නේ.

එක්සත් ජනපදය විසින් 2012 වසරේ සිට රටේ විදුලි ජාලය විමර්ශනය කරමින් සිටින බව ටයිම්ස් වෙත පවසා ඇති අතර මෑත මාසවලදී එම ප්රයත්නයන් සැලකිය යුතු ලෙස වැඩිවී ඇති අතර,පෙර නොතිබූ ආකාරයේ රුසියානු පද්ධතිය තුල අනර්ථකාරී හානිකර තත්ත්වයක් සහ කිසි විටෙකත් පරීක්ෂාවට ලක් නොවූ ආක්රමනශීලී බවක් සහිත බවයි වාර්තා වන්නේ.

අවශ්‍යතාවය මතුවුවහොත් රුසියානු රජයට එරෙහිව සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ අවශ්‍යතාව ගැන ද එක්සත් ජනපද නිලධාරීන් කතා කර තිබේ. ටයිම්ස් පුවත්පත පවසන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව ආරක්ෂක ලේකම්ගේ අවසරය ඇතිව සයිබර් කමාන්ඩ් ඒජන්සිට මෙහෙයුම් සිදු කළ හැකි බව  ය.

කෙසේ වෙතත් ඇමරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් සමගම අමුතුම පාලනයකට යන බව පෙනී යයි.මුලු ලෝකයම දැන් බලා ඉන්නේ ඔවුන් දෙස බව ඔවුන්ට ද අමතක වී ඇති හැඩයි.

By |2019-07-03T16:09:18+05:30June 16th, 2019|Categories: Cyber Attack, News, Technology|Tags: , , , |0 Comments

Leave A Comment